Friday, May 7, 2010

රජ්ජුරුවන්ගෙ අඹ ගෙඩිය

එක්තරා රජකෙනෙකුගෙ උයනෙ බොහොම කාලයකට පස්සෙ එක අඹ ගසක අඹ ගෙඩියක් හැදුන. මේ අඹ ගෙඩිය හරිම සුවදයි අනික මේ අඹ ගසේ බොහොම කාලෙකට පස්සෙ හැදිච්ච එකම අඹ ගෙඩ්ය.

උයන් පල්ලා හැරෙන්න රජතුමාවත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ.

දවසක් මේ අඹ ගෙඩිය ඉදිල වැටිල තියන්ව උයන්පල්ලා දැක්කා

තමන්ට තනියම කන්න පුලුවන් උනත් තමන්ට ඉන්න වඩාත්ම හිතවත් කෙනා රජතුමා නිසා අඹ ගෙඩිය රජතුමාට දෙන්න ඕනෙ කියල උයන පල්ලා කල්පනා කලා.

අඹගෙඩිය ගැන විස්තර කියපු උයන්පල්ලා , ඒක රජතුමාට දුන්නා.

රජතුමා කලපනා කලා මේ වගේ අඹගෙඩියක් මම කන එක හරි නෑ. මට වඩාත්ම හිතවත් මගේ අග බිසව ඒ නිසා එයාට දෙනව කියල අග බිසවට දුන්නා.

අග බිසවට කලේ අඹ ගෙඩිය මහ ඇමතිට දීපු එක. මොකද අග බිසවට වඩාත්ම හිතවත් මහ ඇමති.

මහ ඇමති අඹ ගෙඩිය එක් ගනිකාවකට දුන්නා.

ඒ ගනිකාව කලේ අඹ ගෙඩිය උයන්පල්ලාට දීපු එක.

උයන් පල්ලා පුදුම උනා තමන් රජ්ජුරුවන්ට දීපු අඹගෙඩිය නැවතත් තමන්ගෙම අතටම ආපුඑකගැන.

උයන් පල්ලා දෙවන වතාවටත් අඹ ගෙඩිය අරගෙන රජතුමා ලගට ගියා.

රජතුමා අඹ ගෙඩ්ය දැකල හොදටම කලකිරුනා. බෙහෝ වේලාවක් අඹගෙඩිය අතේ තියාගෙන් නිහඩව හිටපු රජතුමා අන්තිමට මෙහෙම කිව්වා.

"අපි හිතවත් කියල හිතාගෙන ඉන්න අය ඇත්තටම අපිට හිතවත් නෑ. එහෙම උනානම් මේ අඹගෙඩිය ආපහු අපේ අතට එන්නෙ නෑ"

Monday, April 12, 2010

නම්

බොහෝ විට අපි නම් ලියන්නෙ , ඉන්ගීසි සහ සින්හල මික්ස් කරල. දැන් මගේ නම , හරිදු දර්ශන වීරකෝන්. නමුත් , H.D වීරකෝන් කියල තමා වැඩිය පාවිච්චි කරන්නෙ. ඇයි අපිට බැරි සින්හලෙන්ම ඔය වැඩේ කරන්න. "හ.ද.වීරකෝන්" . හැබැයි. සමහර නම් තියෙනව , ඔහොම ලියන්න ගියොත් ලොකු අමාරුවක වැටෙන. "හුන්ගම කන්කානම් මුදියන්සෙලාගේ දනියෙල් සිල්වා" , "පත්මස...ිරි කරුනාරත්න දිසානායක"

තාත්තා

මට මගේ තාත්තව මතක් වෙන හැම වෙලාවකම , මතකයට එන්නෙ , ජිප්සීස් සුනිල් පෙරේරාගෙ "තාත්ත මට ඇනපු ටොක්ක" ගීතය. කොතරම් පියගුන ගීත තිබුනත් , මට ඔය ගීතය තරම් හදවතට දැනෙන වෙනත් ගීතයක් නෑ. මගේ තාත්ත නැතිවෙලා දැන් අවුරුදු 13 වෙනවා.සුනිල් පෙරේරා කියන විදියටම අපේ තාත්තත් හරිම සැරයි. අද වගෙ දවසක තාත්තා හිටියානම් ..................

"කුනුහරප"

"කුනුහරප" ඇයි ඔය තරම් පිලිකුල්. "කුනුහරප" වල හොදක් ඇත්තෙම නැද්ද. මව් භාශාව හැර වෙනත් භාශාවක් ඉගනීමේදී ලෙහෙසි සහ පහසු ම "කුනුහරප" වචන ඉගනගැනීම. තමන්ගේ කේන්තිය ප්රකාශ කිරිමේ පහසුම ක්රමයත් "කුනුහරප" භාවිතය. එක් තරා ඇමරිකානු ජනාධිපති වරයෙකුගේ බිරිය හා අනියම් සම්බදතාවක් ඇතිකර ගැනීමට , එක් ඇමරිකානු පුරවැසියෙකුට හැකිවුනේත් , ...ඔය වචනම තමා.

මටත් පසුගිය වසරේ , ඇෆ්ගනිස්තානයේ සිට ගෙදර පැමිනීමේදී ,"එමිරේට්ස්" ගුවන් සේවිකාවකගෙන් විශේශ සැලකිලි ලැබුනේද , ඔය වචන නිසාම තමා

අම්මා

"සියක් ආයු ලැබ , මගෙත් ආයු ගෙන , මටත් වඩා කල් ඔබ ජීවත් වේවා" මව් ගුන ගීත අතර වෙනස්ම ගීතයක් ලෙස මා ඇලුම් කරනා ගීතය. අද දවසේ මගේ අම්මා "ආච්චි අම්මා" කෙනක් , අපේ ""ආච්චි අම්මා" දෙමුනුපුරන් ඇති "ආච්චි අම්මා" කෙනක්. අදටත් ඕනෑම ප්රශ්නයකදී මට උපදෙස් දෙන්නේ අපේ අම්මා. මගේ ජීවිතේ හොද වගේම නරකත් හොදින්ම දන්නෙ ඇයයි.

තාත්තා උනත් මා බත සරිකරන

අමර දේවයන්ගේ "තාත්තා උනත් මා බත සරිකරන , අම්මා නුබයි මගෙ දරු දැරියන් රකින" . මව් රටින් පිටවෙලා , රැකියාව කරද්දී ලන්කාවෙ දරුවන් රැක බලාගන්නවා කියන එක ලොකුවගකීමක්. බලාගෙන යද්දී අම්මගේ චරිතයට අමතරව පියගේ චරිතයත් බිරිදටම පැවරෙන වගකීමක්.

SPOKEN ENGLISH

අවුරුදු 13 ක් පාසැලේන් සින්හලෙන් ඉගනගෙන, වැඩිදුර ඉගනීම සහ රැකියාව ඉන්ගීසි භාශාවෙන් කිරීමෙදි අපිට වැරදීම වෙන එක සාධාරනයි. නමුත් ලන්කාවෙ දැන් දැන් ඉන්ගීසි භාශාව විකුනන කඩ තියෙනවා. මම දැක්ක , එක එක පෝස්ටර් තියෙනවා " “SPOKEN ENGLISH”. “SPOKEN ENGLISH WITH GRAMMAR”, “SPOKEN ENGLISH WITHOUT GRAMMAR” අපේ රටේ උදවිය ( සමහර ) හිතාගෙන ඉන්නෙ , ඉන්ගීසි GRAMMAR අමාරුයි කියල.

නමුත් ප්රස්නෙ GRAMMAR නැති භාශාවක් තියෙනවද ??? . ඔය කඩ කරන අය කරන්නෙ , තරුන පරම්පරාව කඩේ යැවීම් .