Friday, May 7, 2010

රජ්ජුරුවන්ගෙ අඹ ගෙඩිය

එක්තරා රජකෙනෙකුගෙ උයනෙ බොහොම කාලයකට පස්සෙ එක අඹ ගසක අඹ ගෙඩියක් හැදුන. මේ අඹ ගෙඩිය හරිම සුවදයි අනික මේ අඹ ගසේ බොහොම කාලෙකට පස්සෙ හැදිච්ච එකම අඹ ගෙඩ්ය.

උයන් පල්ලා හැරෙන්න රජතුමාවත් මේ ගැන දැනගෙන හිටියෙ නෑ.

දවසක් මේ අඹ ගෙඩිය ඉදිල වැටිල තියන්ව උයන්පල්ලා දැක්කා

තමන්ට තනියම කන්න පුලුවන් උනත් තමන්ට ඉන්න වඩාත්ම හිතවත් කෙනා රජතුමා නිසා අඹ ගෙඩිය රජතුමාට දෙන්න ඕනෙ කියල උයන පල්ලා කල්පනා කලා.

අඹගෙඩිය ගැන විස්තර කියපු උයන්පල්ලා , ඒක රජතුමාට දුන්නා.

රජතුමා කලපනා කලා මේ වගේ අඹගෙඩියක් මම කන එක හරි නෑ. මට වඩාත්ම හිතවත් මගේ අග බිසව ඒ නිසා එයාට දෙනව කියල අග බිසවට දුන්නා.

අග බිසවට කලේ අඹ ගෙඩිය මහ ඇමතිට දීපු එක. මොකද අග බිසවට වඩාත්ම හිතවත් මහ ඇමති.

මහ ඇමති අඹ ගෙඩිය එක් ගනිකාවකට දුන්නා.

ඒ ගනිකාව කලේ අඹ ගෙඩිය උයන්පල්ලාට දීපු එක.

උයන් පල්ලා පුදුම උනා තමන් රජ්ජුරුවන්ට දීපු අඹගෙඩිය නැවතත් තමන්ගෙම අතටම ආපුඑකගැන.

උයන් පල්ලා දෙවන වතාවටත් අඹ ගෙඩිය අරගෙන රජතුමා ලගට ගියා.

රජතුමා අඹ ගෙඩ්ය දැකල හොදටම කලකිරුනා. බෙහෝ වේලාවක් අඹගෙඩිය අතේ තියාගෙන් නිහඩව හිටපු රජතුමා අන්තිමට මෙහෙම කිව්වා.

"අපි හිතවත් කියල හිතාගෙන ඉන්න අය ඇත්තටම අපිට හිතවත් නෑ. එහෙම උනානම් මේ අඹගෙඩිය ආපහු අපේ අතට එන්නෙ නෑ"